Posts

Showing posts from May, 2022

නීතී සංගමයේ වහල් සමාජ අඩිතාලම

  නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව වහල් සිස්ටමයක අඩි තාලමක්ද?   1.  පූර්විකාව   ඉදිරියේදී   මෙම ලියුම්කරු යනුවෙන් හැඳින්වෙන්නේ මෙම සටහන තබන මා පිළිබඳවයි.   1.         2022. 05. 23. දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ එදින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත නීතීඥ සංගමයේ යෝජනාවලියට අනුකූල නොවන නිසා ඊට සහාය නොදෙන බවයි. නිදහස් සමාජ විද්‍යාඥයෙකු වශයෙන් නීතීඥ සංගමයේ යෝජනාවලිය පිළිබඳව සමාජ විද්‍යාත්මක විවරණයක් රටට ඉදිරිපත් කිරීම ලියුම්කරුගේ යුතුකම බැවින් මෙම ලියුම්කරු විසින් මෙම විවරණය ඉදිරිපත් කරනු ලබන්නේ ලෝකයේ සියලුම ආගමික දර්ශන සහ සමාජයේ පැවැත්ම පිළිබඳව මේ තාක් ඉදිරිපත්ව ඇති සියලුම දර්ශනවාද පිළිබඳව තුළනාත්මක අධ්‍යයනයක් සිදු කළ ලෝකයේ පළමු සහ එකම පර්යේෂකයා වශයෙනි. එම පර්යේෂණය තුළින් “පරම භෞතිකවාදය“ නමින් නව දේශපාලන දර්ශනයක් සොයා ගෙන එය ප්‍රකාශයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින්නෙකු වශයෙනි.   2.     ...

නීතීඥ සංගමයේ යෝජනාවලිය වහල් පාදමක්ද?